ගණිකාවන් විකුණන්නත් ඇප් එකක්! කොවිඩ් නීති අස්සේ ජයටම යන ජාවාරමක්!

රාජගිරියේ ගණිකා නිවාස දෙකක් වැටලීමට වැලිකඩ පොලීසියේ දූෂණ මර්ධන ඒකකය ක්‍රියා කර තිබෙනවා.

මෙම වැටලීම්වල දී ගණිකා සේවය සැපයූ තරුණියන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන්.

මෙලෙස වටලා ඇත්තේ නාවල, කුරේ මාවත සහ ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක්.

අත්අඩංගුවට පත් තරුණියන් වනාතවිල්ලුව, අඟුණුකොළපැලැස්ස, ඇඹිලිපිටිය සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකාරිණියන්වන බවත් එම ප්‍රදේශවලින් රැකියාව සඳහා මෙම ගණිකා නිවාස පිහිටි ස්ථානවලට පැමිණ නවාතැන් ගෙන ඇති බවත් සඳහන්.

ඔවුන් සිය නිවෙස්වලට පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කරන බවට යි.

මෙම තරුණියන් වයස අවුරුදු 21 – 30 ත් අතර පසුවන්නියන් වනවා.

මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම ස්ථාන දෙක වටලා ඇති බව ද පොලීසිය ප්‍රකාශ කොට සිටියා.

මේ අතර මෙම ස්ථාන දෙකෙන් එකක ගණිකාවන් අලෙවි කිරීමට අන්තර්ජාලය භාවිත කොට ඇති බව ද වාර්තා වූවා.

දුරකතන යෙදවුමක් හෙවත් ඇප් එකක් හරහා මෙලෙස මෙම තරුණියන් අලෙවි කොට ඇති බවයි පැවසෙන්නේ.

මේවන විට වාර්තා වී ඇත්තේ අදාළ තරුණියන්ගේ ඡායාරූප සමග ඔවුන් ලබා දෙන සේවාවන් විස්තර සහිතව එම ඇප් එක තුළ පළ කොට ඇති බව යි.

එය හරහා තරුණියන් තෝරාගන්නා පුද්ගලයින් විද්‍යුත් ක්‍රම හරහා මුදල් ගෙවිය යුතු බවත්, ඉන් අනතුරුව දිනයක් සහ ස්ථානයක් ලබා දෙන බවටත් අනාවරණය වී තිබෙනවා.

මේ අතර නල්ලූර් ප්‍රදේශයේ දී ගණිකා නිවාසයක් වටලා 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසනවා.

මෙම ගණිකා නිවාසය  ලැගුම්හලක් තුළ රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර එහි ගණිකා සේවය සැපයූ තරුණියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි තරුණයින් තිදෙනෙකු ද වන බව වාර්තා වූවා.

එමෙන්ම අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ලැගුම්හලෙහි හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ තරුණියන් දෙදෙනා වයස අවුරුදු 21 සහ 24 වයස්වල පසුවන්නියන්.

ඔවුන් යාපනය ප්‍රදේශයේම පදිංචිකාරියන් බව පොලීසිය පැවසුවා.

පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස යාපනය අධිකරණයට ඉදිරිපත් කොට පළමුව පී.සී.ආර් පරික්ෂණයන් සිදුකිරීමට පියවර ගෙන ඇති බව යාපනය පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40