අවුරුදු 17ක දැරියකගේ මළ සිරුරක් බලංගොඩ, කජුවත්තේ ගල්වළකින් හමුවෙයි

බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි දැරියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වළක තිබී හමු වී තිබෙනවා.

ඊයේ (24) පෙරවරුවේ මෙලෙස සොයාගෙන ඇත්තේ අවුරුදු 17 ක් වූ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක්.

මෙම දැරිය පෙරේදා (23) දින නිවසින් අතුරුදන්ව සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් තිබියදී දැරියගේ මෘත ශරීරය මෙලෙස ගල්වලක තිබී හමු වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීම ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ රෝහලේදී අද (25) දින පැවැත්වීමට නියමිතව ඇති අතර, බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24