හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා රිමාන්ඩ් කෙරේ

චීන ජාතිකයෙක් සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝගකර තිබෙනවා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙක් වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සිද්ධියට අදාලව මෙම සැකකරුගේ දුරකථන වාර්තා, බැංකු වාර්තා සහ ක්‍රිප්ටෝ කරන්සි හරහා මීට පෙර වෙනත් ගනුදෙනු සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

තවද මෙම සිද්ධියට අදාල පලමුවන සැකකරුවන අජිත් ප්‍රියන්ත යන සැකකරුව මෙම සිද්ධියට අදාල දෙවන සාක්ෂිකරුවන අසංග සංජිව යන නමැත්තා විසින් හඳුනා ගනු ලැබුවා.

ඒ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී අද (23) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමෙන් පසුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, මෙම වංචාවට යොදා ගන්නා ලද වාහනය ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් සිව්දෙනාද ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

සිද්ධියට අදාල නඩුව ලබන 27 කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21
Video thumbnail
හිරේ දාන්න ඕනේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා
07:17
Video thumbnail
එරංගගේ කතාව අහපු අර්චුනාට නහුතෙට තදවෙයි
15:33
Video thumbnail
ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයට කොන්ද නවලා සමාව ගන්න වුණා - මේ ආණ්ඩුව බ# වෙච්ච විදිය දැක්කා
09:57
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින් - ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11