ලංකාවට ඇවිත් ඉන්න චීන්නු පාතාල වැඩ පටන් අරන්

කොළඹ වරාය නගරයේ පාලමක් මත මාළු අල්ලමින සිටි චීන ජාතිකයෙක් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ මෙම පැහැර ගැනීම සිදුව ඇති අතර, 15 දෙනෙකුගෙන් සමන්විත තවත් චීන ජාතිකයින් කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නවීන පන්නයේ ජීප් රථයකින් ඊයේ (23) රාත්‍රියේ කොළඹ වරාය නගරයට පැමිණි චීන ජාතිකයින් තිදෙනෙක් එහි එල්ලෙන පාලම මත සිට මාළු අල්ලමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයින් 15 දෙනෙකු පමණ පිරිසක් අදාළ චීන ජාතිකයින් තිදෙනාට පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී එක් චීන ජාතිකයෙන් වෑන් රථයෙන් පැමිණි චීන ජාතිකයින් කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇති අතර, ඔවුන් පැමිණි KDH වර්ගයේ වෑන් රථය ද දමා ගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

එලෙස දමා ගිය KDH වර්ගයේ වෑන් රථය තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පැහැරගෙන ගිය චීන ජාතිකයා සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නැති අතර, වරාය නගර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21
Video thumbnail
හිරේ දාන්න ඕනේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා
07:17
Video thumbnail
එරංගගේ කතාව අහපු අර්චුනාට නහුතෙට තදවෙයි
15:33
Video thumbnail
ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයට කොන්ද නවලා සමාව ගන්න වුණා - මේ ආණ්ඩුව බ# වෙච්ච විදිය දැක්කා
09:57
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින් - ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11