පළාත් 02කට සහ දිස්ත්‍රික්ක 02කට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු – මැද පළාත්වල සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (22) පෙරවරු 11.00 දක්වා වලංගු වන පරිදි වලංගු වන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දෙනවා.