හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී සිදු කෙරේ

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

එම අවසන් කටයුතු සිදු කෙරුනේ පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය සිකුරාදා (17) වෙඩි වැදීමකින් මියගොස් තිබුණා.

ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන අතර, සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරන්නේ.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ඔහුගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ අතර, ඊයේ (19) පෙරවරුවේ සිට දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කෙරුණා.

අද (20) පස්වරුව දක්වා දේහය එම පෞද්ගලික මල් ශාලාවෙර් තැන්පත් කර තිබූ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම දේශපාලන නායකයින්, දේශපාලන නියෝජිතයින්, උසස් පොලිස් නිලධරීන් ඇතුළු විශාල පිරිසජ එම දින දෙක තුළ පැමිණියා.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මියයන විට 63 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු 1986 වසරේ පොලිස් සේවයට එක්ව තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න පත් කෙරුණු අතර, 2020 වසරේ නොවැම්බර් 27 වනදා ඔහු පොලිස්පති ධුරයට පත් කරනු ලැබුවා.

2023 වසරේ නොවැම්බර් 23 වනදා ඔහු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15