කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විඕ තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (20) සවස 04.45 ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ 1164 දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙම පීලි පැනීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය යළි පිළිගත කිරීම සඳහා දුම්රිය සේවකයින් කටයුතු කරමින් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













