එළඹෙන මහ කන්නයේ 20%ක් කීරි සම්බා සහ 10%ක් සම්බා වගා කළ යුතුමයි – ඇමති වසන්ත

එළඹෙන මහ කන්නයේ වගාකරන වී වලින් 20%ක් කීරි සම්බා සහ 10%ක් සම්බා වගා කළ යුතුම බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බේත්කෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අද (18) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කීරි සම්බා සහ සම්බා සහල් සඳහා රට තුළ පවතින අධික ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් මෙම පියවර ගත යුතු බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.

මේ වනවිට කීරි සම්බා සඳහා 15%ක පමණ ඉල්ලුමක් වෙළඳපොළේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග දෙකම රට තුළ වගා කරන්නේ 15%ක් පමණ බවයි සඳහන් කළේ.

ඒ, අනුව කීරි සම්බා සහල් සඳහා පවතින අධික ඉල්ලුමට පිලියමක් ලෙස පසුගිය අප්‍රේල් මාසයේ දී කීරි සම්බා සහල්වලට ආදේශක සහල් විදෙස් රටවලින් ආනයනය කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13