ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන දිනටත් ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා පවසනවා.
එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ගුවන් යානා, ගුවන් ඩ්‍රෝන යානා සහ යුද නැව් යොදාගෙන ඉරානයේ නිරීක්ෂණ ස්ථාන, හමුදා සැපයුම් යටිතල පහසුකම්, භූගත අවි ගබඩා සහ සමුද්‍රීය හැකියාවන්ට පහර දුන් බවයි අණදෙන නිලධාරියා සඳහන් කරන්නේ.
ඉරාන වරායන්ට එරෙහිව නාවික අවහිරයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන අතරම, අණදෙන නිලධාරියාගේ මඟ පෙන්වීම යටතේ මෙම ප්‍රහාර අඛණ්ඩව සිදුකරගෙන යන බව සඳහන්.
ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයින් 50,000 කට වැඩි පිරිසක් මැද පෙරදිග පුරා ක්‍රියාත්මක බවයි ක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර කුවේට් සහ ජෝර්දානයේ එක්සත් ජනපද හමුදා යටිතල පහසුකම් ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් තම හමුදා ඩ්‍රෝන ප්‍රහාර දියත් කර ඇති බව ඉරාන හමුදාව පවසනවා.
කුවේට් හි උඩයිරි කඳවුර, කුවේට් හි අලි අල් සාලෙම් කඳවුර, ජෝර්දානයේ මුවෆාක් සල්ටි/අල් අස්රාක් ගුවන් කඳවුර ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ ඉලක්ක කිහිපයක් වනවා.













