ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන රාත්‍රියේත් ඇමරිකාවෙන් ප්‍රහාර

ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන දිනටත් ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා පවසනවා.

එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ගුවන් යානා, ගුවන් ඩ්‍රෝන යානා සහ යුද නැව් යොදාගෙන ඉරානයේ නිරීක්ෂණ ස්ථාන, හමුදා සැපයුම් යටිතල පහසුකම්, භූගත අවි ගබඩා සහ සමුද්‍රීය හැකියාවන්ට පහර දුන් බවයි අණදෙන නිලධාරියා සඳහන් කරන්නේ.

ඉරාන වරායන්ට එරෙහිව නාවික අවහිරයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන අතරම, අණදෙන නිලධාරියාගේ මඟ පෙන්වීම යටතේ මෙම ප්‍රහාර අඛණ්ඩව සිදුකරගෙන යන බව සඳහන්.

ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා ඇමරිකානු හමුදා සාමාජිකයින් 50,000 කට වැඩි පිරිසක් මැද පෙරදිග පුරා ක්‍රියාත්මක බවයි ක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර කුවේට් සහ ජෝර්දානයේ එක්සත් ජනපද හමුදා යටිතල පහසුකම් ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් තම හමුදා ඩ්‍රෝන ප්‍රහාර දියත් කර ඇති බව ඉරාන හමුදාව පවසනවා.

කුවේට් හි උඩයිරි කඳවුර, කුවේට් හි අලි අල් සාලෙම් කඳවුර, ජෝර්දානයේ මුවෆාක් සල්ටි/අල් අස්රාක් ගුවන් කඳවුර ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ ඉලක්ක කිහිපයක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16