තඹ සහ ක්ලෝරීන් මත පදනම් වූ උත්ප්‍රේරක චක්‍රයක් භාවිතා කරමින් හයිඩ්රජන් ඉන්ධන නිපදවන න්‍යෂ්ටික බලාගාරය ඉන්දියාව විසින් විවෘත කර තිබෙනවා.
පරමාණුක බලශක්ති දෙපාර්තමේන්තුව (DAE) ජුනි 26 වන දින තමිල්නාඩුවේ කල්පක්කම් හි ඉන්දිරා ගාන්ධි පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානයේදී මෙම පහසුකම ආරම්භ කළා.
“හයිඩ්රජන් අනාගතයේ ඉන්ධන ලෙස පුළුල් ලෙස සැලකේ,” ඉන්දියාවේ පරමාණුක බලශක්ති කොමිසමේ සභාපති අජිත් කුමාර් මොහන්ති පැවසුවා.
අද බොහෝ විට හයිඩ්රජන් නිපදවන්නේ මීතෙන් මගිනි. නමුත් එහිදී කාබන්ඩයොක්සයිඩ් මුදා හැරෙනවා.
පිරිසිදු මාර්ගයක් ලෙස ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් හයිඩ්රජන් නිපදවිය හැකි නමුත් ඒ සදහා විශාල බලයක් අවශ්‍ය වනවා.
කෙසේ වෙතත් කල්පක්කම් හි බලාගාරය අනුගමනය කරන්නේ මේ සියල්ලට වඩා වෙනස් ක්‍රමයක්.
එහිදී ජලය විච්ඡේදනය සඳහා තාපය භාවිත කරන අතර තාපය විදුලිය බවට පරිවර්තනය කිරීමේ පියවර මඟ හැරීම ශක්තිය ඉතිරි කරන අතර නිෂ්පාදන කාර්යක්ෂමතාව ද වැඩි කරනවා.













