න්‍යෂ්ටික බලයෙන් හයිඩ්‍රජන් හදන බලාගාරයක් ඉන්දියාවේ විවෘත වෙයි

තඹ සහ ක්ලෝරීන් මත පදනම් වූ උත්ප්‍රේරක චක්‍රයක් භාවිතා කරමින් හයිඩ්‍රජන් ඉන්ධන නිපදවන න්‍යෂ්ටික බලාගාරය ඉන්දියාව විසින් විවෘත කර තිබෙනවා.

පරමාණුක බලශක්ති දෙපාර්තමේන්තුව (DAE) ජුනි 26 වන දින තමිල්නාඩුවේ කල්පක්කම් හි ඉන්දිරා ගාන්ධි පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානයේදී මෙම පහසුකම ආරම්භ කළා.

“හයිඩ්‍රජන් අනාගතයේ ඉන්ධන ලෙස පුළුල් ලෙස සැලකේ,” ඉන්දියාවේ පරමාණුක බලශක්ති කොමිසමේ සභාපති අජිත් කුමාර් මොහන්ති පැවසුවා.

අද බොහෝ විට හයිඩ්‍රජන් නිපදවන්නේ මීතෙන් මගිනි. නමුත් එහිදී කාබන්ඩයොක්සයිඩ් මුදා හැරෙනවා.

පිරිසිදු මාර්ගයක් ලෙස ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් හයිඩ්‍රජන් නිපදවිය හැකි නමුත් ඒ සදහා විශාල බලයක් අවශ්‍ය වනවා.

කෙසේ වෙතත් කල්පක්කම් හි බලාගාරය අනුගමනය කරන්නේ මේ සියල්ලට වඩා වෙනස් ක්‍රමයක්.

එහිදී ජලය විච්ඡේදනය සඳහා තාපය භාවිත කරන අතර තාපය විදුලිය බවට පරිවර්තනය කිරීමේ පියවර මඟ හැරීම ශක්තිය ඉතිරි කරන අතර නිෂ්පාදන කාර්යක්ෂමතාව ද වැඩි කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27