Update – හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසියෙන් නිවේදනයක්

වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බව කියන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (17) දින උදෑසන, මාලඹේ පොලිස් වසමේ පරාක්‍රම පාර, තලාහේන ප්‍රදේශයේ තම නිවසේදී හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් තුවාල ලබා නැහෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මාලඹේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇති බව පොලිසිය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නැහෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලඹේ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විර්මශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ 35 වන පොලිස්පතිවරයා ලෙස 2020.11.27 සිට 2023.11.23 දින දක්වා රාජකාරි කල සී.ඩී. වික්‍රමරත්න මියයන විට 63 වන වියේ පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14