මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවාවන් තවදුරටත් පුළුල් කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබෙනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ට පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්යය බවයි දැනුම් දෙන්නේ.

වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සියලු සේවාවන් ඒ හරහා සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා.

කොළඹ – 0112 117 116
ගම්පහ – 0332 117 116
කුරුණෑගල – 0372 117 116
හම්බන්තොට – 0472 117 116
අනුරාධපුරය – 0252 117 116
යාපනය – 0212 117 116
යන දුරකථන මාර්ගයෙන් වේලාවන් වෙන්කරවා ගත හැකියි.

එමෙන්ම මෙම කාර්යාලවලින් යතුරුපැදි පමණක් නව ලියාපදිංචි කිරීම් සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

වේලාවන් වෙන් කරගැනීම dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා සිදු කරගත හැකි අතර, දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බව දන්වා සිටිනවා.

සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛන භාරදීම නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකරගත හැකි බවයි දැනුම් දෙන්නේ.