සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ සැකකරුවකුගේ රැඳවුම් කාලය පැය 48 දක්වා අඩු කරයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබාගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මේ බව අධිකරණයට දැනුම් දදෙනු ලැබුවා.