පොලිස් නිලධාරියාට වෙඩි තැබූ සැකකරු පැනගියේ ගිනිඅවිය පෙන්වා, බියගන්වා ලබාගත් යතුරුපැදියකින්

කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු සමඟ පොර බදා නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන තවත් නිලධාරියෙක්ට වෙඩි තබා තුවාල සිදුකර එම ගිනි අවිය රැගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (15) දින සවස් කාලයේ කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන අංශයේ රාජකාරි යෙදී සිටි නිලධාරින් යතුරුපැදියක් පරීක්ෂා කිරීම සඳහා සංඥා කර ඇති අතර එම සංඥාවලට අවනත නොවී යතුරුපැදිකරු නොනවත්වා ධාවනය කිරීමක් සිදුකර තිබෙනවා.

පලායන යතුරුපැදිය යම් අපරාධයකට සම්බන්ධ බවට සැක සිතී ඇති බැවින් මෙම යතුරු පැදිය පසුපස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා හබා ගොස් ඇති අතර කටුනායක පොලිස් වසමේ දැව මොට්ටාව ප්‍රදේශයේදී එම යතුරු පැදිකරු හා පසුපැදිකරු යතුරුපැදිය අතහැර පලා යාමක් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙහිදී නිලධාරින් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් පසුපස හබාගොස් පලාගිය සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එක් නිලධාරියෙකුගේ ආරක්ෂාව යටතේ රඳවා අනෙක් නිලධාරියා විසින් සැකකරුවන් පැමිණි යතුරු පැදිය පරීක්ෂාව සඳහා පිටව ගිය අවස්ථාවේදී සැකකරු අවි සහිතව සිටි පොලිස් නිලධාරියාට බලහත්කාරය පාමින් නිලධාරියා සමඟ පොර බදා පහරදීමක් ද සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම සැකකරු පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමක් සිදු කර ඇති අතර මෙම ගැටුම සම්බන්ධව එම ස්ථානයට ආසන්න මාර්ග බාධකයේ පොලිස් නිලධාරින් දැන ගැනීම මත ගැටුම සිදුවන ස්ථානයට මාර්ග බාධකයේ පොලිස් නිලධාරියෙක් පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම නිලධාරියා දෙසට වෙඩි තැබීම හේතුවෙන් එම නිලධාරියා තුවාල ලබා ඇති බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සැකකරු එම අවස්ථාවේ ගිනි අවිය පෙන්වා බිය ගන්වා මාර්ගයේ ගමන්ගත් යතුරු පැදියක්ද කොල්ලකා පලාගොස් තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කළා.

ඒ අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩි තැබීම සිදු කල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනි අවියද කොල්ලකන ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය කරන ලද අයෙක් බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදගම ගිනි ඇවිලෙයි - මුළු පළාතම උණුසුම් වෙයි
02:33
Video thumbnail
කෘෂිකර්මාන්තයට වටිනා කලදසාවක් උදාවෙනවා..රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ පෞද්ගලික අංශයටත් දෙන්න
06:13
Video thumbnail
රජය විධායක නිලධාරීන් මුදල් අමාත්‍යාංශය වටලයි - දැවැන්ත උද්ඝෝෂණයක්
01:18
Video thumbnail
බුලත් ප#යට හෙ#ණ ගැහුවම කිල්ලෝටය ගැන මොන කතාද ?බයවෙන්න එපා අපි මේ රට හදනවා
05:58
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14