පොලිස් නිලධාරියාට වෙඩි තැබූ සැකකරු පැනගියේ ගිනිඅවිය පෙන්වා, බියගන්වා ලබාගත් යතුරුපැදියකින්

කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු සමඟ පොර බදා නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන තවත් නිලධාරියෙක්ට වෙඩි තබා තුවාල සිදුකර එම ගිනි අවිය රැගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (15) දින සවස් කාලයේ කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන අංශයේ රාජකාරි යෙදී සිටි නිලධාරින් යතුරුපැදියක් පරීක්ෂා කිරීම සඳහා සංඥා කර ඇති අතර එම සංඥාවලට අවනත නොවී යතුරුපැදිකරු නොනවත්වා ධාවනය කිරීමක් සිදුකර තිබෙනවා.

පලායන යතුරුපැදිය යම් අපරාධයකට සම්බන්ධ බවට සැක සිතී ඇති බැවින් මෙම යතුරු පැදිය පසුපස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනා හබා ගොස් ඇති අතර කටුනායක පොලිස් වසමේ දැව මොට්ටාව ප්‍රදේශයේදී එම යතුරු පැදිකරු හා පසුපැදිකරු යතුරුපැදිය අතහැර පලා යාමක් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙහිදී නිලධාරින් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් පසුපස හබාගොස් පලාගිය සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එක් නිලධාරියෙකුගේ ආරක්ෂාව යටතේ රඳවා අනෙක් නිලධාරියා විසින් සැකකරුවන් පැමිණි යතුරු පැදිය පරීක්ෂාව සඳහා පිටව ගිය අවස්ථාවේදී සැකකරු අවි සහිතව සිටි පොලිස් නිලධාරියාට බලහත්කාරය පාමින් නිලධාරියා සමඟ පොර බදා පහරදීමක් ද සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම සැකකරු පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමක් සිදු කර ඇති අතර මෙම ගැටුම සම්බන්ධව එම ස්ථානයට ආසන්න මාර්ග බාධකයේ පොලිස් නිලධාරින් දැන ගැනීම මත ගැටුම සිදුවන ස්ථානයට මාර්ග බාධකයේ පොලිස් නිලධාරියෙක් පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම නිලධාරියා දෙසට වෙඩි තැබීම හේතුවෙන් එම නිලධාරියා තුවාල ලබා ඇති බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සැකකරු එම අවස්ථාවේ ගිනි අවිය පෙන්වා බිය ගන්වා මාර්ගයේ ගමන්ගත් යතුරු පැදියක්ද කොල්ලකා පලාගොස් තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කළා.

ඒ අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩි තැබීම සිදු කල සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනි අවියද කොල්ලකන ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය කරන ලද අයෙක් බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය පවසනවා.

  1. අපි හිතුවෙ ඌ පොලිස් නිලධාරියට ගහල, තුවක්කුවත් අරන් , තොප්පියත් දාගෙන, පොලිස් බයික් එකේම නැගල ගියා කියල..
    පොලිසියට බඳවා ගන්න ඕන සුදුසු කම් තියෙන කොල්ලන්ව මිස දේශපාලන හෙන්චයියෝ නෙවයි..
    ඉස්සර නම් ඔය වගේ දේවල් ඇහුවේ නෑ.. දැන් සමහර පොලිස් නිලධාරීන් ඉන්නවා කෙලින් ඉන්න පන නැති… පපුව අඟල් 20 විතර අයත් දකිනවා.. කොහොම පොලිසියට ගියාද දන්නේ නෑ. ඒ වගේ අයට කිසි කෙනෙක් බය වෙන්නෙ නෑ. ඉස්කෝලේ යන කොල්ලොත් ගහයි අල්ලගෙන..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14