වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, ඊයේ (12) දිනයේ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් 601 දෙනාද සමඟයි.
මේ අතර ජූලි මාසයේ ගත වූ දින 12 තුළ ඩෙංගු රෝගීන් 13,293ක් වාර්තා වී තිබෙනවා.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538ක්
එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරේ ගතවූ කාලය තුළ 47 දෙනෙකුට ජීවිත හිමිවී තිබෙනවා.
මේ අතර ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් අද (13) දිනයේ ආරම්භ කරනු ලැබුවා.
මෙලෙස ඩෙංගු අධි අවදානම් සහිත කලාප 60න කලාප 23ක් බස්නාහිර පළාත තුළ පවතිනවා.
මේ වනවිට වාර්තා වී ඇති රෝගීන්ගෙන වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,118ක්.













