කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශෝකට පළකර තිබෙනවා.
ජනාධිපතිවරයා සිය නිල එක්ස් ගිණුමේ ශෝක පණිවිඩය තබමින් සඳහන් කරන්නේ, ෂෙයික් හමාඩ් මහතාගේ දූරදර්ශී නායකත්වය සහ කටාර් රාජ්‍යයට කළ සේවය මේ මොහොතේ සිහිපත් කරන බවයි.
ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, ඔහුගේ අභාවය වෙනුවෙන් රාජකීය පවුල සහ කටාර් ජනතාවට හෘදයාංගම ශෝකය පල කරණ බව ද ජනාධිපතිවරයා පවසනවා.
“ඔහුගේ ආත්මයට සාමය ලැබේවා” යනුවෙන් ජනාධිපතිවරයා තැබූ එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
ධනවත් නූතන ජාතියක් බවට කටාර් රාජ්‍යය පරිවර්තනය කිරීමේ නිර්මාතෘ වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ දේහය දෝහා හි තැන්පත් කර ඇති අතර, ඔහු ඉරිදා (12) උදෑසන අභවප්‍රාප්ත වන විට 74 වන වියේ පසුවුණා.













