කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළකරයි

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශෝකට පළකර තිබෙනවා.

ජනාධිපතිවරයා සිය නිල එක්ස් ගිණුමේ ශෝක පණිවිඩය තබමින් සඳහන් කරන්නේ, ෂෙයික් හමාඩ් මහතාගේ දූරදර්ශී නායකත්වය සහ කටාර් රාජ්‍යයට කළ සේවය මේ මොහොතේ සිහිපත් කරන බවයි.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන්, ඔහුගේ අභාවය වෙනුවෙන් රාජකීය පවුල සහ කටාර් ජනතාවට හෘදයාංගම ශෝකය පල කරණ බව ද ජනාධිපතිවරයා පවසනවා.

“ඔහුගේ ආත්මයට සාමය ලැබේවා” යනුවෙන් ජනාධිපතිවරයා තැබූ එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ධනවත් නූතන ජාතියක් බවට කටාර් රාජ්‍යය පරිවර්තනය කිරීමේ නිර්මාතෘ වන ෂෙයික් හමාඩ් බින් ⁠කලීෆා අල් තානිගේ දේහය දෝහා හි තැන්පත් කර ඇති අතර, ඔහු ඉරිදා (12) උදෑසන අභවප්‍රාප්ත වන විට 74 වන වියේ පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47