Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වන්න ජනපති පැමිණෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීවට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ දේහය මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා ඇය අභාවප්‍රාප්ත වුණා.