ඉන්දීය කණ්ඩායම පරදින පැරදිල්ල ගැන සොයන්න ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රැස්වීමට සැරසෙයි

අයර්ලන්තය සහ එංගලන්තය හමුවේ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලැබූ අඛණ්ඩව තරඟාවලි පරාජයත් සමඟ විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසනවා.

පන්දුවාර 20-20 ලෝක ශූරයින්වන ඉන්දීය කණ්ඩායම පසුගිය මාසයේ දී අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි පරාජයකට මුහුණ දුන් අතර, එංගලන්තයට එරෙහිවද දරුණු තරගාවලි පරාජයකට මුහුණ දී සිටින්නේ තරග පහකින් යුතු විස්සයි විස්ස තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීයි.

බ්‍රහස්පතින්දා එංගලන්තයට එරෙහිව පැවති සිව්වන විස්සයි විස්ස තරගයේ දී ඉන්දියාව කඩුලු නවයක පරාජයකට පත් වූ අතර, ආරම්භක තරගය සේදී ගිය පසු තවත් තරඟයක් ඉතිරිව තිබියදී සත්කාරක එංගලන්ත කණ්ඩායම මේ වන විටත් තරග තුනට බිංදුවක් ලෙස ජය හිමිකරගෙන සිටිනවා.

මේ තර ජූලි 19 වන දින එංගලන්ත සංචාරය අවසන් වීමෙන් පසු කණ්ඩායමේ පසුබෑමට හේතු සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රැස්වන බවයි එහි ලේකම් දේවජිත් සයිකියා පවසන්නේ.

කෙසේ වෙතත් දේවජිත් සයිකියා පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ මෙම පසුබෑම තාවකාලික පසුබෑමක් බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ එවැනි දෙයක් සිදුවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31