THE RESIDENCIES KIRULAPONE නව මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

කොළඹ නාගරික ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම් ලාභී ජනතාව සඳහා ඉදිකරන ලද කිරුලපන, ඩී.එම් කොළඹගේ මාවත
THE RESIDENCIES KIRULAPONE නව මහල් නිවාස සංකීර්ණය ඊයේ (04) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන්.

B1 සහ B2 ලෙස පර්යන්ත දෙකකින් සමන්විත THE RESIDENCIES KIRULAPONE හි එක් පර්යන්තයක මහල් 11කින් සමන්විත වන අතර, නිවාස ඒකක 624ක් අන්තර්ගතයි.

මෙම ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 5,784ක් වන අතර, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මූල්‍යාධාර යටතේ
මෙය ආරම්භ කෙරුණා.

මෙම නිවාස ව්‍යාපෘතිය 2025 වසරේ මුල් කාර්තුවේදී පහසුකම් වැඩිදියුණු කරන ලද නව සැලසුමකට අනුව ගොඩනැංවීම ආරම්භ කෙරුනේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ නාගරික සවර්ධන අධිකාරියේ සේවා සහ තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නගර පුනර්ජීවන වැඩසටහනට සහය වීමේ ව්‍යාපෘතියක් ලෙසයි.

මහල් නිවාස සංකීර්ණය තුළ පූර්වාරාම ජනපදය, නාරාහේන්පිට සමගි මාවත, කිරිමණ්ඩල මාවත සමගි වත්ත,
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියයේ නවීකරණය වන කැළණිවැලි දුම්රිය මාර්ගයේ ජීවත් වූ නිවාස අහිමිවන ජනතාව, කිරිමණ්ඩල මාවත, පිච්චමල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙත මෙම ව්‍යාපෘතිය හරහා නිවාස ඒකක ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27