2026 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් පත්‍ර කැඳවීම ඇරඹේ – අවසන් දිනය ජූලි 23

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 03 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් යොමුකළ යුතු බවයි.

පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළයුතු අතර හැඳුනුම්පත නොමැති අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචිවීම සිදුකළ යුතු වනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවඩිය වන www.doenets.lk හෝ www.onlineexams.lk/eic වෙත පිවිස ලබා දී ඇති උපදෙස් හොඳින් කියවා, ඒවාට අනුකූලව අයදුම්පත් නිවැරදිව ඉදිරිපත් කළ යුතුයි.

ජූලි මස 23 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04