ඩෙංගු මර්දනයට නිකුත් කළ චක්‍රලේඛය ‍ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනයට

පවතින ඩෙංගු වසංගත අවදානම මර්දනය සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ පැවැත්වුණා.

ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් 2026 ජුනි මස 23 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛ‌යට අදාළව සියලු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ වත්මන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර මෙන්ම ඉදිරි වැඩපිළිවෙළ සහ සැලසුම් පිළිබඳ මෙහිදී විමසා බැලුණා.‍

අධිඅවදානම් කලාපවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වීම තුළින් ගත හැකි තිරසර විසඳුම් සම්බන්ධව මෙන්ම අධිඅවදානම් ප්‍රදේශවල ධූමායන ක්‍රියාවලිය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා වුණා.

එමෙන්ම ‌ඩෙංගු පාලනය කිරිමේ මෙහෙයුම් මැදිරියට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

ඩෙංගු අධිඅවදානම් ප්‍රදේශ ඉන් මුදා ගැනීමට නම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේද ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට පමණක් තනිව සිදුකළ නොහැකි බවත්, ඒ වෙනුවෙන් ජනතාවටද විශාල වගකීමක් පැවරී තිබෙන බවත් පෙන්වා දුන්නා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දායකත්වය ඉහළ නංවමින් නිවෙස් ආශ්‍රිත පිරිසිදු කිරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, නිවැරදි දත්ත මත පදනම්ව අධිඅවදානම් කලාප ඉන් මුදා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරුණා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලින් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, අතිරේක ලේකම් (පළාත් සභා සහ පළාත් පාලන) එම්.කොඩිප්පිලිආරච්චි, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (තොරතුරු තාක්ෂණ සහ මාධ්‍ය) පී.ජී.අයි. ගමගේ, අධ්‍යක්ෂ (සමාජයීය) කපිල සෙනරත්, අධ්‍යක්ෂ (ස්වේච්ඡා සේවා) එච්.පී.එස්. ශාන්ත, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00