රඛිත,චරිත් සහ අරුණ 17 දක්වා යළි රිමාන්ඩ්

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (03) මෙම නියෝගය නිකුත් කළා.

සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකරුවන් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා නැමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීමේ සිද්ධියකට මෙම සැකකරුවන් තිදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා..

මෙම අල්ලස් මුදල ලබාගැනීම සදහා මෙම සැකකරුවන් ඩුබායි වෙත ගිය අවස්ථාවේ දී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද ඩුබායිවල සිටි ඇති බව විමර්ශනවලින් අනාවරණය වූ බවයි අල්ලස් කොමිස අද අධිකරණයට දන්වනු ලැබුවේ.

ඒ, අනුව හිටපු අමාත්‍යවරයා මෙම සිද්ධියට අදාළව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බවයි අල්ලස් කොමිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක (නිතී) අනූෂා සම්බන්ධප්පෙරුම දන්වා සිටියේ.

විජයදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා 2023/03/21 සිට 2023/03/28 දක්වා කාලය තුළ ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව ආගමන විගමන තොරතුරුවලින් තහවුරු වූ බව අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්