‘බදු ශක්ති’ බදු සතිය ජූලි මස 06 වනදා සිට 10 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ පවසනවා.
ජාතික බදු සතිය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (30) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර දේශීය අදායම් දෙපාර්තම්න්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර සඳහන් කළේ, බදු දැලට හසුවන නමුත් බදු නොගෙවන පිරිස 40%ක් පමණ වන බවයි.
එමෙන්ම මේ වනවිට මිලියන 13ක ප්‍රමාණයක් ටින් අංක නිකුත් කර ඇති බවත්, බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා වැඩි වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













