දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඇණිය සඳහා අලුතින් බස් රථ 600ක් ආනයනය කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
ඒ, අනුව අධිවේගී මාර්ග සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ග සඳහා සම්මත බස් රථ 400ක් මෙලෙස ආනයනය කිරීමට නියමිතයි.
මේ අතර අලුතින් මිලදී ගත් මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු 15 වන විට පැමිණීමට නියමිත අතර, කාඩ්පත් පාදක ගාස්තු පද්ධති සවි කර සැප්තැම්බර් 20 වනදා වන විට සේවයට එක් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
3
+1
+1
+1
1
+1
1













