ඉක්වදෝරය හමුවේ ප්‍රබල ජර්මනියට අනපේක්ෂිත පරාජයක්

2026 පාපන්දු ලෝක කුසලානයේ මූලිකවටය උණුසුම් කරමින් තවත් පෙරළිකාර ජයක් වාර්තා කරන්නට ඉක්වදෝරයට අද (26) අලුයම හැකියාව ලැබුණා.

ඒ, සිව්වරක් පාපන්දු ලෝක ශූරයින් වූ ප්‍රබල ජර්මනිය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

ඉක්වදෝරය පාපන්දු තරගයක දී ප්‍රබල ජර්මනිය පරාජය කරනු ලැබුවේ ඉතිහාසයේ පළමුවරටවීම ද විශේෂත්වයක්.

E කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන අවසන් 32 දෙදෙනා අතරට පිවිසීමට ඉක්වදෝරයට හැකියාව ලැබුණා.

ඇමරිකාවේ රදර්ෆර්ඩ් හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමු භාගයේ දී දෙපිළම ගෝල එක බැඟින් රැස් කරගෙන සම තත්ත්වයේ පසුවුණා.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ ජර්මන් ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඉක්වදෝරය තරගයේ 77 වැනි විනාඩියේ දී දෙවන ගෝලට වාර්තා කරමින් මෙම ඉතිහාසගත ජයග්‍රහණයට මාවත සකසා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42