නුවරඑළිය සංචාරක නිකේතනයක දී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය අද (25) දින නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන්ව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරිය විසින් එම සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට නියෝගකර තිබෙනවා.
මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමති 35 හැවිරිදි සැකකාරිය සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු 49 හැවිරිදි වන ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයටයි.
ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ල වත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල
නුවරඑලිය පොලිසිය වෙත (24) දින භාර දෙනු ලැබුවා.
ඝාතනය සහයෝගය දැක්වු කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.













