පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
පිවිතුරු හෙළ උරුමය අද (22) දිනයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව අනාවරණය කළා.
මේ අතර පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් මතුව ඇති සැකයන් දුරුකර ගැනීම සඳහා ගරු සිරිල් ගාමිණී පියතුමන් වෙත අමාත්‍ය උදය ගම්මන්පිල මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න 10ක් යොමුකර සිටියා.
“මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වනදා කොළඹ අග රඳගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන් දිනය දී තිබුණ නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස ප්‍රබල පිරිසක් ඉන්නවාය, ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම බලයේ සිටිය යුතු බව වතිකානුවට දැනුම් දී කාදිනල්තුමා හතර වතාවක් මේ වනවිට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් ගෙන තියෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ කාදිනල්තුමන්. එහෙම නම් ප්‍රතිලාභියා අපරාධකරු වෙයි කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවා නම් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම එහි සැබෑ ප්රතිලාභියාවන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි ?“













