2025 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයෙන්, උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි පවසනවා.
එය ප්‍රතිශතයක් ලෙස 73.16%ක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.
විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළේ අද (20) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
මේ අතර සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් බවයි ඇය සඳහන්.
එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙකු සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගෙන ඇති බවත් ඇය පැවසුවා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ පළමුව සහ දෙවනවර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 7,419 දෙනෙක් සියලුම විෂයන් අසමත් වී ඇති බවයි.
2025 අධ්‍යන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිකුත් කෙරුණා.













