බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළා.
උක්ත පනත් කෙටුම්පත 2026.03.17 දින පළමුවර කියවන ලද අතර 2026.05.06 දින විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ මගින් බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික)
පනත, 2007 අංක 07 දරන සමාගම් පනත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සහ බංකොලොත්භාවය පිළිබඳ ආඥා පනත (97 වන පරිච්ඡේදය) අවලංගු කිරීම සිදු කෙරෙනවා.
ණයගැතියාගේ සාධාරණ ආදායම සහ අත්‍යවශ්‍ය දේපළ ආරක්ෂා කිරීම තහවුරු කරන අතරම, ණය ආරක්ෂණ, තාවකාලික නිවාඩු සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ විධිවිධාන වැනි පුද්ගලික බංකොලොත්භාවය සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටි මෙම
පනතේ ඇතුළත්ව තිබෙනවා.
තව ද, ණය වෙළඳපොළේ පුරෝකථනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආයතනික පරිපාලනය, ග්‍රාහකත්වය සහ දේශසීමා බංකොලොත්භාවය පිළිබඳ ගැටලු උක්ත පනත් කෙටුම්පත මගින් ආවරණය කෙරෙනවා.
එමෙන්ම, මෙම පනත මගින් අවංක තනි ණය ගැතියන් සඳහා නැවුම් ආරම්භයක් සහ පීඩාවට පත්ව ඇති නමුත් මූලික වශයෙන් ශක්‍ය සමාගම් පුනරුත්ථාපනය කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් සැපයීමට උත්සාහ කිරීමද
අපේක්ෂිතයි.
ඒ අනුව බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහපුද්ගලික) පනත් කෙටුම්පත, 2026 අංක12 දරන බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත ලෙස බලාත්මක වනවා.













