බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළා.

උක්ත පනත් කෙටුම්පත 2026.03.17 දින පළමුවර කියවන ලද අතර 2026.05.06 දින විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඒ මගින් බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික)
පනත, 2007 අංක 07 දරන සමාගම් පනත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සහ බංකොලොත්භාවය පිළිබඳ ආඥා පනත (97 වන පරිච්ඡේදය) අවලංගු කිරීම සිදු කෙරෙනවා.

ණයගැතියාගේ සාධාරණ ආදායම සහ අත්‍යවශ්‍ය දේපළ ආරක්ෂා කිරීම තහවුරු කරන අතරම, ණය ආරක්ෂණ, තාවකාලික නිවාඩු සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ විධිවිධාන වැනි පුද්ගලික බංකොලොත්භාවය සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටි මෙම
පනතේ ඇතුළත්ව තිබෙනවා.

තව ද, ණය වෙළඳපොළේ පුරෝකථනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආයතනික පරිපාලනය, ග්‍රාහකත්වය සහ දේශසීමා බංකොලොත්භාවය පිළිබඳ ගැටලු උක්ත පනත් කෙටුම්පත මගින් ආවරණය කෙරෙනවා.

එමෙන්ම, මෙම පනත මගින් අවංක තනි ණය ගැතියන් සඳහා නැවුම් ආරම්භයක් සහ පීඩාවට පත්ව ඇති නමුත් මූලික වශයෙන් ශක්‍ය සමාගම් පුනරුත්ථාපනය කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් සැපයීමට උත්සාහ කිරීමද
අපේක්ෂිතයි.

ඒ අනුව බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහපුද්ගලික) පනත් කෙටුම්පත, 2026 අංක12 දරන බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත ලෙස බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15