තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින්, නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.