ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමක, ප්‍රධාන සැකකරු හා සැකකාරිය ලැගුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට

පසුගිය 03 වැනිදා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ පොලිස් වසමේ නිවසක සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 19 ක්, ටී. 56 පතරොම් 24 ක්, මත්පෙති 100,400 ක්, හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකාරියන් දෙදෙනෙක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (16) දින අළුයම් කාලයේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉහත වැටලීම සිදු කරන අවස්ථාවේ ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි ඉහත අපරාධයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා සැකකාරියක් කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හා සැකකාරිය අවුරුදු 28 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් අපරාධමය කටයුතු වලට භාවිතා කරන ලද බවට සැකකරන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02