වසර 42කට අධික කාලයක් කලා වැවේ පැවති කාන්දුවීම් යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද (16) නිවාස හා ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ පෙරවරු 10.27 යෙදුණු සුභ මොහොතින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා.
ලෝක බැංකු හා ශ්‍රී ලංකා රජයේ මූළ්‍ය ආයෝජන මත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සෘජු ප්‍රතිපත්තිමය මැදිහත්වීම මත, ඒකාබද්ධ ජල ඵලදායීතා සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ (IWWRMP) මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය (MASL) විසින් මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබනවා.













