වීරවිල පොලිස් වසමේ හම්බන්තොට – තිස්සමහාරාම මාර්ගයේ වීරවිල ප්‍රදේශයේ දී ඊයේ (10) උදෑසන හම්බන්තොට දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම මාර්ගය ගමන්ගත් පදිකයෙක්ගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පදිකයා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු අවුරුදු 67ක් වූ වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වීරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













