බිරිඳව අවසන් ගමන් යැවූ සැමියාත් හදිසි අසනීපයකින් රෝහලේදී ජීවිතක්ෂයට

බිංගිරිය පොලිස් වසමේ පඩිවෙල ප්‍රදේශයේ ඊයේ (10) දින උදෑසන කාලයේ නිවසක පුරුෂයා විසින් තම බිරිදට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට බිංගිරිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 61 ක් වූ පඩිවෙල ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.

මරණකාරිය හා පුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුද ඇතිවූ අසනීප තත්ත්වයක් මත බිංගිරිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මියගිය සැකකරු වයස අවුරුදු 59 ක් වූ පඩිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34