බිංගිරිය පොලිස් වසමේ පඩිවෙල ප්‍රදේශයේ ඊයේ (10) දින උදෑසන කාලයේ නිවසක පුරුෂයා විසින් තම බිරිදට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට බිංගිරිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 61 ක් වූ පඩිවෙල ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.
මරණකාරිය හා පුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුද ඇතිවූ අසනීප තත්ත්වයක් මත බිංගිරිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මියගිය සැකකරු වයස අවුරුදු 59 ක් වූ පඩිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













