ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩිම කලක් කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හැකියාව ලැබුණා.
නරේන්ද්‍ර මෝදි අද (10) දිනය වනවිට අග්‍රාමාත්‍ය තනතුරේ 4,399ක් සම්පූර්ණ කර ඇති අතර, මීට පෙර එම තනතුරේ වැඩිම කාලයක් කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා බවට පත් වූයේ ජවහර්ලාල් නේරු හිටපු අග්‍රාමාත්‍යවරයායි.
ජවහර්ලාල් නේරුගේ වාර්තාව අභිබවා ගිය නරේන්ද්‍ර මෝදිට මේ වනවිට ලෝක නායකයින් රැසකගෙන සුබපැතුම් හිමිව තිබෙනවා.
මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද සුබ පැතුම් එක්කර තිබුණා.
සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර ජනාධිපතිවරයා සිය සුබපැතුම් එක්කර ඇති අතර, ජනධිපතිවරයා එහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප හවුල්කාරිත්වය අගය කරන බවත්, ජාතීන් දෙක අතර කල් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන ජවහර්ලාල් නේරු අග්‍රාමාත්‍යවරයා 1947 සිට 1964 දක්වා එම ධුරයේ කටයුතු කළ අතර, ඉන්දිරා ගාන්ධි වසර 16කට ආසන්න කාලයක් වාර දෙකකදී අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලැබුවා.
නරේන්ද්‍ර මෝදි 2014 මැයි 26 දින ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර, 2019 වසරේ දී නැවතත් එම තනතුර සඳහා තේරී පත් වූ අතර, 2024දී තෙවැනි වරටත් ඔහු එම ධුරයට තේරී පත් වුණා.













