මෝදි තැබූ වාර්තාවට ජනපති අනුරගෙන් සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩිම කලක් කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හැකියාව ලැබුණා.

නරේන්ද්‍ර මෝදි අද (10) දිනය වනවිට අග්‍රාමාත්‍ය තනතුරේ 4,399ක් සම්පූර්ණ කර ඇති අතර, මීට පෙර එම තනතුරේ වැඩිම කාලයක් කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා බවට පත් වූයේ ජවහර්ලාල් නේරු හිටපු අග්‍රාමාත්‍යවරයායි.

ජවහර්ලාල් නේරුගේ වාර්තාව අභිබවා ගිය නරේන්ද්‍ර මෝදිට මේ වනවිට ලෝක නායකයින් රැසකගෙන සුබපැතුම් හිමිව තිබෙනවා.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද සුබ පැතුම් එක්කර තිබුණා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර ජනාධිපතිවරයා සිය සුබපැතුම් එක්කර ඇති අතර, ජනධිපතිවරයා එහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප හවුල්කාරිත්වය අගය කරන බවත්, ජාතීන් දෙක අතර කල් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන ජවහර්ලාල් නේරු අග්‍රාමාත්‍යවරයා 1947 සිට 1964 දක්වා එම ධුරයේ කටයුතු කළ අතර, ඉන්දිරා ගාන්ධි වසර 16කට ආසන්න කාලයක් වාර දෙකකදී අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලැබුවා.

නරේන්ද්‍ර මෝදි 2014 මැයි 26 දින ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර, 2019 වසරේ දී නැවතත් එම තනතුර සඳහා තේරී පත් වූ අතර, 2024දී තෙවැනි වරටත් ඔහු එම ධුරයට තේරී පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56