විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආරම්භක වැටුප සංශෝධනය කෙරේ

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 03/2014 (I) දරණ නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතිය පරිදි, මීට පෙර පැවති 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති අවලංගු කර, ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ VII වන පරිච්ඡේදයේ 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්‍ති ආදේශ කරමිනුයි මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර ඇත්තේ.

මේ අනුව වසර ගණනාවක් පුරා විදුහල්පතිවරුන් විසින් ඉල්ලුම් කරන ලද වැටුප් ගැටලුව විසඳීම සඳහා මූලික පියවර තබමින්, උසස් වීමක් සේ සලකා විදුහල්පතිරුන්ගේ වැටුප් ගණනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ පළමු ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීම වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව විශේෂ සහන කාලසීමාවක් ලබාදීමට ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව 2027.12.31 දක්වා උසස් වීම් සඳහා වන සුදුසුකම් සපුරා ගැනීමට විදුහල්පතිවරුන් සඳහා සහන කාල සීමාවක් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
00:42
Video thumbnail
හේමරතන හිමිගේ සිද්ධිය වුණත්, ආණ්ඩුව චූදිතයින් ආරක්ෂා කරන්නේ නෑ - පොලිසිය හරියට වැඩ කළාද ?
05:46
Video thumbnail
තව මාස 3කින් අරගලයක් එයි
01:12
Video thumbnail
වැල්ලවත්තේ කොටියා පලයන්
01:40
Video thumbnail
සාලේට අපි කිසිම අසාධාරණයක් කරලා නෑ
10:22
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි - උණුසුම් තත්ත්වයක්.."කොටි සමරනකොට තෝ කොහෙද හිටියේ ?"
01:55