දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් නඩුවකට බරපතල වැඩ සහිත වසර 04 බැගින් වසර 16ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කළා.
එම වසර 16 එකවර වසර 4කින් ගෙවීයා යුතු බවද එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.
ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධනට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කළා.
Update – Tuesday, June 9, 2026, 10.37 AM
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
විත්තිකරුට දඬුවම් නියම කිරීමට නියමිත අතර ඊට අදාළ කරුණු දක්වීම් නීතිඥවරු විසින් මේ වන විට සිදුකරමින් පවතිනවා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබාගැනීමේ දී රජයට පාඩුවක් සිදුකිරීම තුළින් ‘දූෂණය’ නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුට එරෙහිව මෙම නඩු පවරා තිබුණා.













