විශ්‍රාමික හමුදා සෙබළෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියකට අයෙක් CID අත්අඩංගුවට

2018 වසරේ දී කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ මඟින් සිදුකළ විමර්ශනවලට අදාළව අදාළ සැකකරු ඊයේ (08) නිට්ටඹුව, රණ්පොකුණුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 47ක් වන රණ්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනි අවියක් එයට යෙදන පතරොම් 05 ක්, ටී-56 පතරොම් 04 ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 08ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් 02ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් 2018.09.09 දින පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08