කෘෂිකර්ම ඇමතිටත් අස් වෙන්න කියයිද ?

තෙල් මිල ඉහළ දමා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස ලියුමක් ගැසුවා වගේ පොහොර නැතුව ගොවියා අසරණ කෙරුවාට කෘෂිකර්ම ඇමැතිවරයාටද ලියුමක් ගසන ලෙස පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා

ඉබ්බාගමුව ගොවිජන මධ්‍යස්ථානයේදී පොහොර ලබාදීමේදී ප‍්‍රමාණවත් පොහොර ලබා නොදීම නිසා ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් එම ස්ථානයට පැමිණි නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෝර මිටි 250 යි ලැබිල තියෙන්නේ. මේ වන විට ගොවීන් කිලෝ මීටරයකට වඩා දුර පෝලීම ගැහිල ඉන්නවා.

අන්තිමට ඉන්න ගොවියාට එක පොහොර මිටියක්වත් ලැබෙන්නේ නැහැ.ගොයමට මේ වන විට බණ්ඩි පොහොර ගහන කාලය ඇවිල්ලා තියෙන්නේ.
වී වපුරන විට බණ්ඩි පොහොර ගහන්න ඕනෑ. සති දෙක තුන යනකොට යූරියා පොහොර ගහන්න ඕන.

දවස් 28 යන විට යූරියා දෙවැනි වටය ගහන්න ඕන. ආයිත් දවස් 45 පනින කොට බණ්ඩි පොහොර ගහන්න ඕනෑ. මෙතෙක් කිසිම පොහොරක් ගොවීන්ට ලැබුණේ නැහැ. රටේම ගොවි ජනතාව අප‍්‍රසාදයට පත් වෙලා තියෙන්නේ.

අපි කියන්නේ තෙල් මිල වැඩි කරන විට ගම්මන්පිලගේ කුමන්ත‍්‍රණක් කියල ලියුමක් ගැහුව වගේ පොහොර හිඟ වන විට එය කෘෂිකර්ම ඇමැතිවරයාගේ කුමන්ත‍්‍රණයක් කියල වහාම ඉල්ලා අස්වෙන්න කියල ලියුමක් ගහන ලෙස පොහොට්ටුවේ ලේකම්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59