පොතුහැර, අමුණුගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිය මව සමඟ සිටි තරුණියකව ඊයේ (06) දිනයේ, උදෑසන පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.
පොතුහැර, අමුණුගම, රංජනගම පාරේ පිහිටි වෙළඳසැල වෙත පැමිණි පිරිසක් එහි සිටි මෙම තරුණියව මෙලෙස පැහැරගෙන ගොස් තිබෙනවා.
සැකකරුවන් ඇයව පැහැරගැනීම සඳහා CP CBB 5513 දරන මෝටර් රථය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ සිද්ධිය අතිශය බරපතළ සහ හදිසි තත්ත්වයක් වුවද, වගකිවයුතු පොලිස් නිලධාරීන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කඩිනම් විමර්ශනයක් ක්‍රියාත්මක කර නොමැති බවටයි.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් පොලිසියෙන් සිදුකළ විමසිමදී ඔවුන් සඳහන් කළේ, සිද්ධිය පිළිබදව විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, පැහැර ගැනීමට ලක්වූ බව කියන තරුණිය සහ තවත් අයෙක් මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට ද ගොස් ඇති බවත්, පැහැරගැනීමක් නොව සිය කැමැත්තෙන් අදාළ තරුණිය පැමිණ ඇති අතර, ඇය මේ වන විට අදාළ අනෙක් පුද්ගලයා සමඟ විවාහ වී ඇති බවයි.













