හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද වෙරළ තීරයට ඊයේ (06) දින සවස පුද්ගලයක්ගේ මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට හික්කඩුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයේදී මෙම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ සිය ඥාතියෙකුගේ නිවසේ පැවති උත්සවයකට සහභාගි වීම සඳහා පැමිණ සිට ඇති අතර, දහවල් කාලයේ තනිවම මුහුදේ නෑමට ගොස් දියේ ගිළී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
මරණකරු වයස අවුරුදු 62 ක් වන මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













