වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය බවත්, ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සමග ඊයේ (05) පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියා.
මෙතෙක් විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණැගල ශාඛාව තුළ මතුව පැවත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමේ ගැටලුව වෙනුවෙන් ඉඩමක් ලබා දීමටත් දේශනශාලා , යටිතලපහසුකම් සහ සනීපරාක්ෂක ගැටලූ ඇතුළු අනෙකුත් ගැටලුවට ද ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
විවෘත විශ්ව විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සමග ඇතිව තිබූ ගැටලුව විසඳීමට අවශ්‍ය ඉඩම ලැබී ඇත්නම් ඉදිරි කටයුතු සැලසුම් කරන්න අවශ්‍ය බව, එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර වී නොමැති බවත්, 2027 වසරේදී 06 ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් පසු ඒ සඳහාත් අවශ්‍ය අනුමැතිය හිමිවූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, කුරුණගල දිස්ත්‍රීක් මහජන නියෝජිතයින්, විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුෂ්ක බණ්ඩාර ඇතුළු අචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.













