ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග පිළිබද රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වූ බව අගමැතිනිය කියයි

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය බවත්, ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සමග ඊයේ (05) පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියා.

මෙතෙක් විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණැගල ශාඛාව තුළ මතුව පැවත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමේ ගැටලුව වෙනුවෙන් ඉඩමක් ලබා දීමටත් දේශනශාලා , යටිතලපහසුකම් සහ සනීපරාක්ෂක ගැටලූ ඇතුළු අනෙකුත් ගැටලුවට ද ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

විවෘත විශ්ව විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සමග ඇතිව තිබූ ගැටලුව විසඳීමට අවශ්‍ය ඉඩම ලැබී ඇත්නම් ඉදිරි කටයුතු සැලසුම් කරන්න අවශ්‍ය බව, එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර වී නොමැති බවත්, 2027 වසරේදී 06 ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් පසු ඒ සඳහාත් අවශ්‍ය අනුමැතිය හිමිවූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, කුරුණගල දිස්ත්‍රීක් මහජන නියෝජිතයින්, විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනුෂ්ක බණ්ඩාර ඇතුළු අචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53